22 January, 2012

ආයුබෝවන්ඩ කියල මමත් එහෙනම් වැඩ අල්ලන්න හදන්නෙ.


ආයුබෝවන්ඩ කියන්නෙ ලස්සන පරණ වචනයක්. දැන් ඕක මොඩිෆයි කරල ආයුබෝවන් කියලනේ කියන්නෙ.  අපේ සීය උදේක අමුත්තෙක් මුණගැහුනම අහන්නෙ ආයුබෝවන්ඩ. බෑරක්ද මේ කියල. ඉතිං මට හිතුන මගේ බ්ලොග් එකට ආයුබෝවන්ඩ කියල නම දාන්න.

මේ වෙලාවෙ මම ගැන මොනව හරි කිව්වනම් හොඳ තමයි.  ඒත් ඔය ගොල්ලො හිතනවද මම මං ගැන කිව්ව කියල ඔයාලට මාව අඳුනගන්න පුලුවන් කියල. පහුගිය දවස්වල ‍බ්ලොග් අඩව්යක නිර්මාන කරැවා හා අනන්්‍යතාවය ගැන ලිපියක් කියවද්දි මතක්වුනු කවුදෝ කියපු කථාවක් කියන්නම්.

හැම කෙනෙක් තුලම පුද්ගයො හතර දෙනෙක් ඉන්නවලු.
1.තමන්තුල ඇතැයි තමන් සිතාසිටින කෙනා
2.තමන්තුල ඇතැයි අනුන්ට පෙනෙන කෙනා
3.තමන් තුල ඇත්තටම සිටින කෙනා
4.තමන් තුල ඇතැයි අනුන්ට පෙන්නන්න හදන කෙනා

මම මේක මෙතන ලිව්වෙ මම මමගැන කියල වැඩක් නැහැ කියන්න.

කොහොම උනත් මම බලාපොරොත්තු වෙනව මම ගැන හපන්කම් , මෝඩකම් , පුරසාරම් අරව මේව හිතට එන  හැම දෙයක්ම මේකෙ ලියන්න.

මම මුලින්ම මේ බ්ලොග් එකට නම දාන්න ගියේ හපන්කම්,මෝඩකම් හා පුරසාරම් කියල. ඒ ඩී. ටී. ලැනරෝල් නැමති ප්‍රවීන ලේඛකය ඒ නමින් ලියපු තමන්ගෙ අපූරැ ජීවිත කථාව මතක් වෙලා. ඒත් මට පස්සෙ හිතුන ඒක ඔහුට කරන අගෟරවයක් කියල.

හරි. අපි එහෙනම් බෑරක් යමු. එන්න, කියවන්න, ලියන්න,බනින්න. මේ හැම දෙයක්ම මට වටිනව.

එහෙම් ආයුබොවන්ඩ