21 February, 2012

සුරාවෙයි නුරාවෙයි අලකලංචි


ඔය සුරාවයි නුරාවයි දෙකම එක ලඟින් යන දේවල්.

දෙකෙන්ම මත් වෙනව වගේම ඇබ්බැහි උනොත් බේරිලා හමාරයි. ඒ වගේම හුඟ දෙනෙකුට සුරාව ලඟට නුරාවත් ඕන වෙනව.

අර ඔමාර් ඛයියාම් කියන කවියත් ඔය ගැන ලියල තියෙනවනේ.

ඊයේ ගෙවී ගොසිනි
හෙට උදාවී නැත
සුරාවද නුරාවද සමග හිඳ
නොම තැවී ගෙවමු අපි ජීවිතය.

මේ කියන්න යන්නෙ සුරාවයි නුරාවයි හින්ද වෙච්ච ඇබැද්දියක්.

රෝයි කියන්නෙ අපේ ඔපීසියෙ සුඏ වැඩ කරන වයස 55 විතර වෙන ටිකක් වැඩිපුර කථා කරන්න කැමති  මනුස්සයෙක්. දරැ පවුල් කාරයෙක්. මිනිහත් ඔමාර් කියපු විදියට ජීවත් වෙන කෙනෙක්.

ඊයෙ පෙරේද දවසක උදේ රෝයි වැඩට ආවෙ අත බැන්ඩේජ් කරගෙන.  ඇහුවහම කිව්වෙ ලිස්සල වැටුන කියල. ඒත් මිනිහ කියාපු තාලෙ මට ඇල්ලුවෙ නෑ. පස්සෙ ලන්ච් අවර් එකේදි මිනිහව අල්ලගෙන ඇහුව මොකද උනේ කියල.

හරි වැඩක්නෙ උනේ. දැන් සුමානෙකට ඉස්සර වෙලා ගෙදර හීටර් එක පිච්චිලා. ගෙදර එක්කෙනා හැමදාම කියනව අලුත් එකක් ගේන්න කියල. අතේ සල්ලි තිබුනෙත් නෑ. මතක් උනෙත් නෑ. ඊයෙ එයා සල්ලිත් දීලම කිව්ව අද කොහොම හරි අරන් එන්න කියල

වැඩ ඇරිල යනකොට බාර් එක දැක්කහම මට ඒක පහුකරල යන්න බැරි උනා. ගෙදර එක්කෙනා දීපු සල්ලි විලින් කාලක් බීල හුරැල්ලෙකුත් කාල මම ගෙදර ගියා

ඉතිං ගෙදර ගිහින් නෝනගෙන් ගුටි කෑව මම හිතුවෙ එහෙම.

නෑ එයා එහෙම නෑ. ටිකක් බැන්න විතරයි

එහෙනන් මම ඇහැව්වෙ මිනිහ කථාවට ටිකක් අදි මදි කරපු නිසයි.

රෑට කෑවත් බීපු අරක්කුවල මත අඩු උනේත් නෑ. තනි ඇඳේ නින්ද යන්නෙත් නෑ. දරැවන්ට නින්ද යන්න ඇරල හීන්සැරේ ගියා නෝනගෙ කාමරේට. එයා හොඳට නිදි. මම එයා ලඟින්ම ඇඳ අයිනෙන් ඇල උනා.  චුටිටක් ආදරේ කරන්න හැදුව විතරයි. ගෑනි කෑ ගහගෙන නැගිට්ට සද්දෙට මම විසිවෙලා ගිහින් බිම වැටුනෙ නතෑ

ඕක විතරක් තිබුනම ඇති. වෙන මුකූත්ම ඕන නෑ


ප/ලි
සුරාවෙයි, නුරාවෙයි අලකලංචිවල ඔරිජිල් කථාව මේක නෙමේ. ඒ මටම මමම මඩ ගහගන්නකොට ටිකක් හිතල බලල තමයි ලියන්න වෙන්නෙ.



15 comments:

said...

ඔමාර් ඛයියාම් ගේ කවි වලට නම් මාත් හරි කැමතියි

Raj said...

ආයුබොවන්ඩ එහේනම්..දිගටම ලියහං ජය

කිරිපුතා said...

එල මචං

ඔබ නොදු‍ටු ලොවක් said...

සුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන නුරාව වෑහෙනවා කියලා සිංදුවක් තියෙනව නේද...

සාතන් said...

අත කඩන් බේරුනා මදැයි :)

නාකියා said...

බටහිර රටවල් වල මිනිස්සුන්ගේ ලිංගික ජීවිතය 40 - 50 පැන්නම තමා වැඩි පුරම ක්‍රියා ශීලී වෙන්නේ.. ඒකටත් එක්ක අපේ රටේ..

ඕකට තමයි හැට පැන්නත් වදුරා යන්නේ ගස් උඩ කියන්නේ. හැබැයි මේ වගේ සිද්ධීන් නිසා පිරිමියා පවුලෙ ගෞරවය ගැන හිතලා සමහර වෙලාවට පිටින් කන්නෙත් නෑ. ඒත් ගෙදර කෑමත් නෑ.අන්තිමට අත ලෙව කන්න තමා වෙන්නේ නේ..

අනික අරක්කු පිටින් දාලා මිනිස්සු මොන මොන වැඩ වලට බහිනවද කියන එකටත් මේ කතාව උදාහරණයක්..

දිගටම ලියමු.. ජය..

nihal said...

මම බොහොම සතුටු උනා මේ ලියන විලාශයට. ජය වේවා

ශෂී said...

ලියමු ලියමු ..දිගටම ...

මාතලන් said...

ලියල තියෙන විදිය රසවත්. අළුත්.. ජයවේවා...!!!

සොඳුරු මිනිසා said...

එල මචෝ ජය වේවා

මාතලන් said...

සෑහෙන සාර්ථක බ්ලොගක්.. සිත්ගන්න පුළුවන් විදියට ලියලා තියෙනවා. දිගටම ලියන්න. සාර්ථක බ්ලොග් කරුවෙක් වෙනවා.. ෂුවර්.. ඕල් ද බෙස්ට්...

මාතලන් said...

සෑහෙන සාර්ථක බ්ලොගක්.. සිත්ගන්න පුළුවන් විදියට ලියලා තියෙනවා. දිගටම ලියන්න. සාර්ථක බ්ලොග් කරුවෙක් වෙනවා.. ෂුවර්.. ඕල් ද බෙස්ට්...

මාතලන් said...

සෑහෙන සාර්ථක බ්ලොගක්.. සිත්ගන්න පුළුවන් විදියට ලියලා තියෙනවා. දිගටම ලියන්න. සාර්ථක බ්ලොග් කරුවෙක් වෙනවා.. ෂුවර්.. ඕල් ද බෙස්ට්...

ඕනයා said...

ඔමාර් ඛයියාම් තමයි බං අපිව තේරුංගත්ත එකම එකා

නවම් said...

අඩේ අද පොල් ගේන්න කිව්ව කියල මතක් උනේ මේක කියෙව්වම. හොඳ වෙලවට, නැත්නං මටත් හෙට ඇ‍ඳෙන් වැටිල අත වෙලාගෙන තමයි ඔපිස් එන්න වෙන්නෙ. හෙහ් හෙහ්.....