06 April, 2012

පිස්සු හැදිච්ච මංත්‍රීතුමා



ආ මංත්‍රීතුමා බෑරක්ද මේ
අපේ මාම, කඩේ ලඟින් යමින් හිටපු මංත්‍රීතුමා දැකල එහෙම ඇහුවෙ පාර ලඟට එන ගමන්.
නාගන්න යනව මුදලාලි
මංත්‍රීතුමා අතේ තිබුනු බාල්දිය බිමින් තියල පේර ගහයට තිබුන ලෑලි බංකුවෙ හරිබරි ගැහිල ඉඳගත්ත.
මොකද මංත්‍රීතුමා පහුගිය ටිකේ දකින්න හිටියෙ නැත්තෙ
පහුගිය ටිකේම පාර්ලිමේන්තුවෙ රැස්වීම්. අද තමයි ටිකක් විවේකයක් ලැබුනෙමංත්‍රීතුමා කියන්නෙ කරේ තියෙන තුවායෙන් කෙස්ගස් දෙක තුනක් පමනක් ඉතිරි වෙච්ච තමන්ගෙ තට්ට හිස පිහදා ගනිම්න්.
ඒක නෙවේ මංත්‍රීතුමා. බලන්නකො මේ පාර. කවදාවත් හැදෙන්නෙනම් නෑ. මංත්‍රීතුමාවත් පොඩ්ඩක් කියල බලන්නකො
ච.. මම ගිය සුමානෙත්  සෙකට්‍රිට කථා කරල කීවනේ. මේ යක්කුන්ගෙන් වැඩක් කර ගන්න එක ඉබ්බගෙන් පිහාටු ගන්නව වගේ. ඉන්නව මම කථාකරල දෙකක් කියන්න
මූන පුම්බගෙන, දත්කූරැ කාගෙන, කේන්තියෙන් අඩි පොළවෙ හප්පන මංත්‍රීතුමා ඊ ලගට යන්නනෙ ලගම තියෙන ටෙලිෆෝන් කනුව ගාවට. එක අතක් ටෙලිෆා්න් කනුවට තියල අනිත් අත රිසීවරය වගේ කන ලගට  තියල කථා කරන්න ගන්නව.
‘Hello. MP wijethuga here’
ඊ ලගට මේ මනුස්සය දෙන්න ගන්නෙ සුද්ද ඉංගිරිසියෙන්. Bloody fool, go to hell වගේ කෑලි ටිකක් විතරයි අපි වගේ පොඩිවුන්ට තේරෙන්නෙ.

 මේ මනුස්සයනම් ඇත්තටම මානසික රෝගියෙක්. හැබැයි තිබුන එකම පිස්සුව තමන් මංත්‍රීවරයෙක් හැටියට හිතාගෙන හිටිය එක. වයස 60 විතර වෙන්න ඕන . හොඳ වැඩුනු ශරීරයක් තිබුන.  සරම කලිසම මොකක් ඇන්දත් හොද පිරිසිදුව හිටිය.

මිනිහගෙ පිස්සුව වැඩිවෙන්නෙ ඡන්දෙ කා‍ලෙට. ලනු කෑල්ලක් මල් මාලයක් වගේ බෙල්ලට දාල මයික් එකක් වගේ ලී කෑල්ලක් අතට දුන්නහම පැය ගානක් උනත් එක දිගටම කථා කරනව. පුරැද්දට වගේ Dear friends කියල ඉංග්‍රීසියෙන් තමයි පටන්ගන්නෙ.මංත්‍රීතුමා
සිංහලෙන්,සිංහලෙන් කියල කෑ ගහපුවහම ඔන්න සිංහලෙන් කථාව පටන් ගන්නව. අන්තිමට දෙමලෙනුත් ටිකක් කථාකරල තමයි නවත්වන්නෙ.

ගමේ මිනිසුසු කිව්වෙ උගත්කම වැඩිවෙලා හැදුනු පිස්සුවක් කියල. සිංහල,ඉංග්‍රීසි ‍,දෙමල භාෂා තුනම හොඳට පුලුවන්. කාලයක් පැවිදිවෙලා හිටිය කියලත් කියනව. හැබැයි කාගෙ කවුද කියලනම් කිසි කෙනෙක් දන්නෙ නෑ. සංදරවල හංදියෙ පල්ලියෙ ගෙදර තමයි නවාතැන් පොළ.  ඔය පිස්සුව ඇරැනම වෙන කිසිම කරදරයක් මේ මනුස්සයගෙන් තිබුනෙ නෑ.

ඒ උනාට  කොල්ලො කුරැට්ටො නම් මේ මනුස්සයට පේන්න බෑ. මොනව හරි කියල මේ මනුස්සය  අවුසසනවට වඩා දෙයක් කොල්ලන්ට නෑ.

එදා ඉස්කෝලෙ නිවාඩු දවසක්. හවස් වෙනකල්ම කොල්ලො ටික පිට්ටනියෙ සෙල්ලම් කරල , මඩමෙ(කෙන්වන්ට් එකේ) වත්තට පැනල කුරැම්බත් කඩන් බීල පල්ලම් බහිනකොට තමයි දැක්කෙ මංත්‍රීතුමා නාගෙන එනව වත්තෙ ලිඳ දිහාවෙ ඉඳන්.
හේයි හීරලුව
පොල්කුඩු කඩල නාගත්තද. දෙහි ලේල්ලක් දෙන්නද
හොර මංත්‍රී
හු...හුඋඋඋඋඋඋ
කොල්ලො තර‍ඟෙට කෑ ගහන්න පටන් ගත්තෙ  අවට තිබුනු තේ පඳුරැවලට මුවා වෙලා. නැවතිලා වටපිට බලාපු මංත්‍රීතුමා කොල්ලො පේන්න නොහිටියත් සුපුරැදු ප්‍රථිප්‍රහාරය පටන්ගත්ත.
වේසිගෙ පුත්තු. තොපේ අම්මලට හූ කියාපිය අවලන් බල්ලො
කොල්ලොත් හැංගිලා ඉඳන් හූ කියනව.  මේ අතර හැංගිලා හිටපු එකෙක් හූ කියන්න ඔලුව උස්සල බලද්දි මන්ත්‍රීතුමා දැක්ක කොල්ලෙ හිටපු ඉසව්ව. අතේ තිබුනු බාල්දිය බිමින් තියාපු මේ මනුස්සය අත් දෙකට ගල්ගෙඩි දෙකක් අරගෙන එලවන්න ගත්ත නේද අපේ පස්සෙන්. මොනව කරන්නද  අපිත් හූ කියන ගමන්න්ම දුවන්න ගත්ත පන කඩාගෙන.
 දැන් ඔහොම හිටපිය වල් බල්ලෙ කිය කියා මිනිහ අපේ පස්සෙන් එනව. අපිත් දුවනව. ඒත් වැඩි දුර දුවන්න ලැබුනෙ නෑ. අපට ඇහෙනව බල්ලෙක් බුරන සද්දයක්. කෝකටත් කියල අපිත් හැරිල බැලුව.
 දෙයියනේ බල්ලෙක් නෙවේ බලු රෑනක්ම මංත්‍රීතුමා පස්සෙන් පන්නනව. අතේ තිබුනු ගල් වලින් පහර දෙම්න්ම මංත්‍රීතුමත් පන කඩාගෙන දුවනව. ගල්වලින් ගැහුවට උන්ට ගානක් නෑ. මාරයො ටිකක් වගේ දත් විලිස්සගෙන බුර බුරා පන්නනව. 
 දැන් කොල්ලන්ටනම් මේක කියන්න බැරි තරම් විනෝදයක්. හූ කියනව ,කෑ ගහනව ඒක විකාරයි. ඒත් වැඩි වෙලාවක් ගියේ නෑ අපට මේක සෙල්ලමක් නොවන බව තේරැම් යන්න.
 පන බේරගන්න දුවපු මේ මහලු මනුස්සයට තව වැඩි දුරක් මේ මෘගයින් සමග දුවන්න බැරි බව තේරෙන්න ඇති. වතුයායෙ ගුරැ පාරෙන් වෙල්යාය දෙසට තිබුනු ඇල වේල්ල දිහාට හැරැනු ඔහු ඒ දිගේ දුවන්න උනා.  බලු රෑනත් අත අරින්නෙම  නෑ. වැඩි වෙලා ගියේ නෑ. කකුල ලෙස්සල ගියපු මංත්‍රීතුමා වේල්ලෙන් කුඹුරට ඇද වැටෙනවත් බුරෑන බුරා හැ‍ෙලමින් ඔහු මතට කඩා පැන්නෙත් එකම මොහොතක.
 මේ වෙනකොට කොල්ලොන්ට තමන්ගෙ වැඩේ බැරෑරැම් බව හොඳට තේරිලයි තිබුනෙ. නඩේ නායකය වෙච්ච නිමල් අයිය වරෙල්ල යන්න කියල වැට ඉන්නක් අතට අරගෙන බලු රෑන දිහාවට දුවන්න ගනිද්දි අපිත් අතට අහුවුනු ගල් පොලු අතට අරගෙන ඔහු පස්සෙන් වැටුන.
 කෑගහගෙන කඩා පාත්උන මේ කොලු රෑන දැකපු බලු රෑන ටිකක් පසු බෑවත් ගල් පාරවල් පොලු පාරවල් දීල තමයි එලව ගන්න පුලුවන් උනේ. 
 ඒත් එතකොට මංත්‍රීතුමා හිටියෙ ලේ පෙරාගෙන. ඔලුව, අතපය හැම තැනින්ම ලේ ගලනව විතරක් නෙවේ වෙලේ තිබුනු මඩ වල්නුත් නෑවිලා. වවු..වවු.. ගානව මිසක් කථා කර ගන්නවක් බෑ.   අපටත් මොනව කරන්නද කියල හිතාගන්න බෑ.
 පලයන් දුවල ගිහිල්ල කරැනෙ අයියලට කියාපිය නිමල් අයිය අපි දිහාට හැරිල කෑ ගැහුවෙ මංත්‍රීතුමා වෙලෙන් උස්සල ගන්න ගමන්මයි. හොඳටම බයවෙලා හිටපු අපි කීප දෙනෙකුත් කරැනෙ අයියගෙ කඩේ දිහාවට දුවන්න ගත්ත.

කොහොම උනත් කරැනෙ අයියල ඇවිත් මේ මනුස්සය වාහනේක දාගෙන බද්දේගම ඉස්පිරිතාලෙට ගෙනිච්ච. අපේ විහිලුව නිසා මේ දේ උන බව එදා කවුරැවත් නොදැන ගත්තත් දවස් කීපයකට පස්සෙ මේක දැනගත්තු ගෙදර අය මාසයක් විතර යනතුරැ සෙල්ලම් කරන්න පිට්ටනියට පලාතටවත්යන්න ඉඩ දුන්නෙ නෑ. ආරංචි උන හැටියටනම් මැහුම් හිටන් දාන්න වෙච්ච මංත්‍රීතුමාට බාර කාරයො නොහිටි නිසා හොද වෙච්ච හැටියෙම පොලීසියෙන් මානසික රෝහලට බාරදීල තිබුන.

 කවුරැ එකක් විහිළු කරත් සීමාවක් තියෙන්න ඕනෑ බව අපි එදා ඉගෙන ගත්ත.


5 comments:

Anonymous said...

කවුරැ එකක් විහිළු කරත් සීමාවක් තියෙන්න ඕනෑ බව අපි එදා ඉගෙන ගත්ත.ubath wayasata yane kenek kiyala ...........

ඔබ නොදු‍ටු ලොවක් said...

පච වංසට වෙන්නෙත් ඔය ටික....

නවම් said...

ආයුබෝවන්ඩ එහෙනං සන්දරවල දිහාවෙ ඈ.. හෙහ් හෙහ් සන්තෝසයි. අපිත් කාලයක් ඔය දිහාවෙ කරක්හැහුව. තවමත් නෑදෑයො එහෙම ඉන්නව බද්දේගම පාරෙයි දොඩංගොඩ පාරෙයි.

Raj said...

අනිවා අසරන අහිංසක මිනිස්සුන්ට විහිලු තහලු කරන්ඩ හොඳ නෑ..විපාකය හදවතටම දැනේවී

Dayal Bathee said...

මං මේ උපහැරණය කීප වරක් ප්‍රකාශ සඳහන් කරල තිබෙනව

මෙය ග්‍රීක උපමා කතාවක් ,කියල දුන්නෙ කාලෝ ෆොන්සේකා නිමිත්ත නවකයින්ට රැග් එක දීම

"කොල්ලෝ ගෙම්බන්නට ගල් ගසන්නේ විහිලුවටය.
ඒත් ගෙම්බන්ට රිදෙන්නේ ඇත්තටමය "