26 February, 2012

රෑ දොළහට දැකපු හොල්මන



ඩෙස්මන්ඩ් මොරිස්ද කොහේදෝ කියල තිබුනා හවසට හවසට පිරිමි පිරිමි සෙට්වෙන පුරැද්ද දඩයම් යුගයෙ න්‍යස්ඨාවශේෂයක්ලු. පිරිමි පිරිමි එකතුවෙලා දැන් සත්තු දඩයම් කරන්න බැරි නිසා බෝතලයන් හරි දඩයම් කරනවලු.

ඔන්න චමියත්  දඩයමකට සෙට් උනා. මූඩි ගැලඋනා. වීදුරැ සද්ද උනා. අඩිය මතුඋනා. ඔන්න එතකොට තමයි ගෙදරක් තියෙනව කියල මතක් උනේ.

වජිර කියල මගේ යාලුවෙකුයි මායි පදුරක් අස්සෙ තිබුන පුෂ් බයිසිකල් කට්ටත් එලියට අරගෙන පිටත්උනා ගෙදර යන්න අපට යන්න තියෙන්නෙ තේ වතු යායක් මැද්දෙන්. ගෙයක් දොරක් පැත්ත පලාතක නෑ. ලාවට හද පායල නිසා පාරනම් යන්තන් පේනව. වජිර පදිනව. මම පොල්ල උඩ.

හැතැක්මක් විතර දුර කදු පල්ලම් පහුකරගෙන අපි ආව. ඇඟට වැදෙන සීතල සුළං පාරට ඇස් දෙකත් එක්කම ඔලුවත් බිමට පාත් වෙනව. ඒත් ඉතිං මේ බයිසිකලේ උඩ නිදාගන්නයැ.

දැන් පල්ලම ඉවරයි. මෙතන ඉඳල තියෙන්නෙ පාපන්ඳු පිට්ටනි දෙක තුනක් විතර විසාල හිස් බිමක්. තේ වත්ත මැද තිබුනු පොඩි කඳු ගැටයක් , ගිං ගඟ ව්‍යාපාරෙ වේලි බඳින්න පස් ගන්න කපාපු තැනක්. කඳු ගැටේ මැද අධි ධාරිතා විදුලි රැහැන් එලලා තිබුනු විශාල විදුලි කණුවක් තිබුනු නිසා එතන විතරක් ඉතුරැකරල තිබුනා. හඳ එලියෙ මෙතන හොඳට පැහැදිලිව පෙනුනා.  මේ පල්ලමත් එක්කම අපි ආපු පාර දෙකට බෙදෙනව. අපි යන්න ඕන දකුනට.

දකුණට හරවන ගමන්ම මට නිකමට වම් පැත්ත බැලුන. දැකක දෙයින් පියවෙම්න් තිබුනු මගේ ඇස් දෙක දොඹ ගෙඩි දෙකක් විතර ‍ෙලාකුවුනු බවනම් මටත් තේරැනා. ඇහි පිය ගහල ආයෙත් බැලුවෙ මට වෙරිද කියල ෂුවර් නැති නිසා.

හත්ඉලව්වෙ, සුදු දිග ගවුමක් ඇඳගෙන කෙස්ස කඩා දමාගත්ත ගෑනියෙක් පිට්ටනිය ඈත කොනේ හිටගෙන ඉන්නව. කිට්ටුව පෙනෙන තෙක්මානෙක ගෙයක් දොරක් නෑ. අනික දැන් වෙලාවත් දොලහට කිට්ටුයි.

වජිරෙ, වජිරො පොඩ්ඩක් අර පැත්ත බාලාපං මම වජිරයට කිව්වෙ තාමත් මට මේක ඇත්තටම දකිනවද කියල ෂුවර් නැති නිසාමයි.

වජිර ඒ පැත්ත බලන්න ඔලුව හැරෙව්ව විතරයි ලොක් උනා වගේ ඔලුව එහෙම්ම නතර උනා. හඳ එලියට මට පේනව ටොම් බෝල දෙකක් වගේ ඇස්දෙක දිලිසෙනව. බයිසිකලේ වැනෙන හැටියට මට තේරැනා අතපයත් කඩාගන්න වෙන බව. ඒයි ඒයි කියල වජිරයගෙ කකුලටත් ගහගෙන  බ්රේක් එක හිරකරගෙන මම බයිසිකලෙන් පැන ගත්ත.

දැන් අපි දෙන්නටම කතා කරගන්නවත් බෑ. මම ඔය හොල්මන් අරව මේව විස්වාස නොකරත් මේ ඇස් දෙකට පේන දේ විස්වාස නොකර කොහොමද? රෑ දොළහට මේ වගේ පාලු තැනක ගෑනියෙක් තියා පිරිමියෙක්වත් ඉන්න විදියක් නෑ .

මමචං මෝහිනීද කොහේද

වජිරය වෙව්ල වෙව්ල කියන්නේ ඇස් දෙක අහකට ගන්නෙවත් නැතුව.

මෝහිනී ලඟ ළමයෙකුත් ඉන්නවනේ

මම කිව්වෙ මොනව හරි කියන්න ඕන හින්ද. මේ හොල්මන ඉන්නෙ අපි ඉන්න තැනට මීටර දෙතුන් සීයක් විතර ඈත අනිත් පැත්ත බලාගෙන. හොල්මන් කියල දෙයක් නැති බව මම හිතට ඒත්තු ගන්නන්න හදනව. එහෙනම්  ලඟට ගිහින් බලන්න ඕන කියල. ඒත් හිතේ බය අනික් පැත්තට අදිනව.

ගිහිල්ල බලමුද වජිරො මම කිව්වෙ දෙගිඩියාවෙන්.

පිස්සුද බං කලබල කාලෙ කෙල්ලො වගයක් මරල දාල තිබුනෙත් ඔතනමයි වජිරය කථාකරන තාලෙන් තේරැනේ මිනිහ හැබෑවටම බයවෙලා බව. මිනිහ හුස්ම ගන්න සද්දෙත් මට ඇහෙනව.

එහෙනන් අපි කථා කරල අහමුද මම ඇහුවෙ ඒක වඩාත් ආරාක්ෂාකාරී නිසා.

එපා.. එපා

ඒත් ඒක වජිර කියනකොට මම කෑ ගහල ඉවරයි.

ඒයි කවුද ඔය මම සද්දෙ ටිකක් වැඩි කරල  ගොරෝසු හඬින් ඇහුව.

හුඋඋඋඋඋ

හොල්මන එක පාරටම උගුර යටින් හූ හඬක් තියාගෙනම අපේ පැත්තට හැරැන.  ඇහුන සද්දෙනම් මනුෂ්‍යය හඬක් නෙමේ. ම‍ගේ ඇඟ සීත වෙලා ගියේ මයිලුත් කෙලින් වෙලා. වජිරය දිහා බැලුවම දැක්කෙ මිනිහට සිහිය නැතිවෙන තරමයි.

තවත් මෙතන ටැග්ගැහෙන්න බැරි බව මට තේරැනා. එහෙම්ම බයිසිකලේ කෙලින් කරල නැග ගත්තු මම වජිරයව ඇදල අරගෙන පොල්ලෙ තියාගෙන තියෙන මුළු හයියම දාල පදින්න පටන් ගත්තෙ වට පිටවත් බලන්නෙ නැතුව.



ප/ලි

මේක තවත් ගොඩක් දිගයි. ඒක හින්ද තව පෝස්ට් එකක් හැටියට දාන්නම්.







10 comments:

ජීනියස් said...

ලොමුදහගන්වනවා.. ඊළඟ කොටසත් දාමු

සාතන් said...

අම්මෝ හොල්මන්... ඊළඟ කෑල්ලත් ඉක්මනට දාපන් අයියෙ :)

අකුරු ටිකක් ලොකු කරන්න පුළුවන්නම් වටිනව.

අංකල් මයා | Mr. Uncle said...

මං බය වෙච්චි පාරට දාඩියත් දැම්මා.ඉළග කෝටහා දහවල් කාලෙකට පබ්ලිෂ් කරහාන් පුතේ.රාත්‍රියට නම් දාන්ඩ එපා.

අංකල් මයා | Mr. Uncle said...

මං බය වෙච්චි පාරට දාඩියත් දැම්මා.ඉළග කෝටහා දහවල් කාලෙකට පබ්ලිෂ් කරහාන් පුතේ.රාත්‍රියට නම් දාන්ඩ එපා.

Jayan Ratnayake said...

මම....
බොහොම බය උනා
මගේ පන එපා උනා...

මාතලන් said...

අර කිව්වා වගේ දවාලකට දාපන්.. මට හරි බයයි අයියෝ... පිස්සියෙක්ද දන්නේ නෑ...

දුමී said...

බුදු අම්මෝ, මට බයයි අද රෑට නින්ද යන එකකුත් නෑ.....!

මඩිස්සලේ නිශාන් said...

අඩෝ මාත් බය වුනා ඊලග කොටසේදී කියන්න නම් එපා ඒ හොල්මනක් නෙවේ කියලා.ඉක්මනට ලියපාන් ඉතුරු ටිකත්.

නාකියා said...

මෙහෙම දෙයක් මට වුනා නම් "ආයි-බොන්ඩ" වෙනවා.. හැබැයි මීට සමාන අත්දැකීමක්නම් තියෙනවා. වැව් බන්ට් එකක එද්දි සුදු පොරව ගත්තු මනුස්සයෙක් කියලා හිතලා "වරා" ගහකට රැවටුනු සිද්ධියක්.. කුතුහලය නිසා ළගට ගිහින් බැළුවා. නැත්තන් ගෙදර ඇවිත් නූල් බදින්න වෙනවා.. :)

දෙවනි කොටසත් දාමුකෝ. සමහර විට මම හිතන දේ තමා වෙලා තියෙන්නේ..

මාක් සකර්බර්ග් said...

බ්ලොග් එක කියෙව්ව පලවෙනි වතාව. :D
ඉක්මනට ඊලග කොටහ දාහං