03 February, 2012

ගාල්ලෙ පච ගහ


මම මුලින් මේ බ්ලොග් එකට නම දන්න හිටියෙ පච ගහ යට කියල. පස්සෙ හිතුන අඹ ගස් ලඟ පච ගස් තියන්න හොඳ නෑ කියල.

අපි හිච්චි එවුන් කාලෙ අපේ සීය සතියකට දෙකකට වතාවක් දුසිමක් විතර වන පුත්තුන්ගෙ , දුවරැන්ගෙ ගෙවල් දොරවල් බලාකියා ගෙන දරැවන්ගෙ ආදර සත්කාර විඳල, දුසින් තුනක් විතර වෙන  මුනපුරැ, මිනිපිරියන් හුරතල් කරල හිච්චි දුවලගෙ ගෙදර එන්නෙ ගාලු හංදියෙ
මාර්කට්ටුවෙන් ගත්තු අඩුම කුඩුම පිරිවැස්සකුත් උස්සගෙන.

වියන්න ගන්නව වගේ පොල් අත්තෙ දාරෙ බේරෙන්න ඉරල , නාරටිය වටයක් වෙන්න රවුම් කරල ,වියල , පතුල එකතු කරල ගැට ගහල, කොක්කුත් දාල හදපු පිරිවැස්සෙ උඩින්ම තියෙන්නෙ රතුම රතුපාට බූන්දි ගොට්ටක්. අයිය මලෝ ටික බූන්දි බෙදාගන්න රංඩුවෙන නිසා සීයම බූන්දි ටික බෙදා දීල මුනපුරාල කන අතරෙ රස වැඩිවෙන්න කථාවකුත් කියනව. මේකත් සීය කියාපු බූන්දි කථාවක් .

කොහොමටත් ගාල්ලෙ ගස්වලින් අඩුවක් නෑනෙ. පූල් ගහ හංදිය, බෙලිගහ හංදිය, තනිපොල් ගහ හංදිය පහුකරගෙන ගියාම තමයි මේ පච ගහ තිබිල තියෙන්නෙ. හරියටම කියනවනම් දැන් ඔය පොලිස් අධිකාරී කාර්්‍යාලය හදල තියෙන්නෙ පච ගහ උඩ තමයි. මේ අවුරැදු සීයක් විතර පරන කථාවක්.

ඒ කාලෙ ගාල්ල ඔය දැන් වගේ නොවෙයිලු. තැනින් තැන කඩ බක්කි කීපයක් තිබුන කඩ මංඩියක්ලු. දැන් ඔය තැපැල් කාර්්‍යාලය තියෙන තැන තමයි පොළ තිබිල තියෙන්නෙ. ඉතිං ඔය කිට්ටුව පහත  ඉන්න මිනිස්සු තමන්ට ඕන බඩු මුට්ටු ගන්න කඩ පිල්වල ,පොලේ එහෙම ඇවිදල  අඩුම කුඩුම කාරිය අරගෙන අන්තිමට එන්නෙ පච ගහ යටටලු.

ඉතිං මේ මිනිස්සු මුලින්ම කරන්නෙ පච ගහ ලඟ තියෙන සියදෝරිස්ගෙ කඩේට ගිහින් තුට්ටුවක් දීල හොඳට ඉඟුරැ එහෙම දාල තියෙන කහට කෝප්පයක් හකුරැ කෑල්ලක් එක්ක බොන එක. නිකංම නෙවෙයි. මේ කඩේ ලඟම ඉඳගෙන සුදු වේට්ටියක් ඇඳගෙන කවි කියන කවිකොල කාරයගෙ කවියකුත් අහගෙනම තමයි කහට එක බොන්නෙ.

ඉන්නල බතල වැල් අල රට කොඩෙල අල
වැල ගැන හොයමු මොකටද මායිමේ ගල
ඔලමොල මොට්ටකම් සුලමුල හොයන කල
අහුඋනෙ හොරාදැයි උගෙ අම්මාද බල

ඉතිං කවියට රහ වැටුනු මිනිස්සු හැඹිලියෙ හංඟගෙන හිටිය තවත් සතයක් දීල කවි කොලේකුත් ගන්නවලු.

ඊලඟට ඉන්නෙ තෙල් බෙහෙත් කාරය. මිනිහ මාකටින් කරන්නෙ කටින් විතරක් නෙවෙයි. සුදට සුදේ දිලිසෙන මිනී ඔලුවකුයි ඇට කටු ගොඩකුයි බිම එලපු පැදුරෙ එක පැත්තක. අනික් පැත්තෙ ලොකු කාඩ්බෝඩ් එකක ඇඳපු මිනිස් ශරීරෙක රෑප සටහනක්. ඉස්සරහින්ම තියෙන්නෙ එක එක ජාතියෙ බෝතල්,කුප්පි වල දාපු තෙල් බෙහෙත්.

වාතය,පිත, සෙම, කොන්දෙ අමාරැ,දන හිසේ අමාරැ, හිස රැදාව, බඩේ ගාය, සතා සරැපය කෑමට මේ හැම දේකටම ඖෂධේ මෙතන තියෙනව. පුරාන සෘෂිවරැන් හිමාල වනයෙ ඖෂධ එකතු කරල අනෝතත් විලේ ජලයෙන්, කස්තුරි යොදල හදපු මේ මාහැඟි ඖෂධය අමුර්තය වගේ ඔබගේ සියලු රෝගාබාධ , දුක් වේදනා දුරැකරන හැම ගෙදරකම තිබිය යුතු ඖෂධයක්. කුප්පියක් සත දෙකයි

අත් ලෙලවමින් ,කට ඇද කරමින් කරන මේ තෙල් බෙහෙත් කරයගෙ කථාව ඉවරවෙන කොට හැමෝම මේ තෙල් බෙහෙත් බෝතලයක් අරගන්නව. හැම කෙනෙකුටම ඔය කියන අමාරැවලින් හැදෙන්න පුලුවන් වගේම දැන් වගේ හන්දියක් හංදියක් ගානෙ චැනල් සෙන්ටරැත් ඒ කාලෙ තිබුනෙ නැහැනේ.

ඊලඟට ඉන්නෙ සාත්තර කාරය. ධන යෝග, ග්‍රහ අපල, හදි හූනියම් ගැන දැන ගන්න ඕන අය එතනට ඇදෙනව. නයි නටවන්නො, රිලා නටවන්නො , පිනුම් කාරයො කලින් කලට මෙතනට එකතු වෙනවලු.

ඔන්න ඕක තමයිලු මේ ගාල්ලෙ පච ගහ ගැන විස්තරේ. ඇත්තටම මේ පච ගහ හොඳට අතුපතර විහිදිච්ච රෑස්ස අඹ ගහක්ලු. ඔන්න ඔය වැඩ කාරයො හින්ද තමයි මිනිස්සු මේ ගහට පච ගහ කියල නම දාල තියෙන්නෙ.

තවත් දෙයක් කියන්න ඕන. සිංහල භාෂාවෙ පචය කියන්නෙ උපහාසාත්මක යෙදුමක් මිසක් අපහාසාත්මක යෙදුමක් නෙමේ. රෑපවාහිනී, ගුවන්විදුලිය, අන්තර්ජාලය,පත්තර නොතිබුනු කාලෙ  හැම දෙයක්ම කතන්දරයක් වුනු කාලෙ ආරලු බූරලු දාල  අතින් කටින් එකතුකරල අධියථාර්ථවාදය, මැජික්යථාර්ථවාදය වගේ දේවල් වලින් හැඩ කර නොගත්තොත් ඒ කතන්දරේ කිසි රසයක් නැති බව මිනිස්සු දැන හිටිය. ඉතිං මේ වගේ කතක්දර කියන අයට තමයි පචයො කිව්වෙ නරක අදහසකින් හෙම නෙමේ.


8 comments:

Asanka Udayanga said...

ඇබන් ඔය ගහ කොහෙද බන් හරියට තිබුනු තෑන,දෑන් පොලීසිය තියන තෑනද? නෑත්තන් බිංගේ උඩ පාරෙද?
අර කීවත් ගාලෙනම් ගස් නම් ගොඩයි උඹට අමතක වුනාද කෝන් ගහ හන්දිය,රත් ජම්බුගහ....:)))

වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරපන් මචන්...

ආයුබෝවන්ඩ said...

ඇත්තනේ ඒ ගස් අමතක උනානෙ.
ඕක හුඟක් පරන කථාවක්. බස්ටෑන්ඩ් එක ඉස්සරහ පොලීසිය කිබුන තැන තමයි තැන.

♠♦ මැජික් | Magic ♥♣ said...

ඇයි බං මල්ගහ හන්දිය(DSI ආයතනය ලග)

ආයුබෝවන්ඩ said...

තවත් මතක නැති ඒව ඇති බං

said...

ඔය කියන ගහ ගැන බැද්දේගම පොතේ තිබ්බද? මට ලාවට මතකයි එහෙම ගහක් ගැන එකේ හරි මඩොල් දූවේ හරි තිබ්බා කියලා

සාතන් said...

මොනා වුන්ත කවිකොළ උන්දැලගෙ පාට් එකයි, බෙහෙත් තෙල් උන්දැලගෙ පාට් එකයි දීල තියෙනව එලකිරි වගේ :)

Anonymous said...

බලන් යද්දි පචයා කියන්නෙත් නම්බුකාර වචනයක් නොවෑ :)

නවම් said...

ගාල්ලෙ පච ගහ නම් මතක නෑ. හැබැයි මාතර පචගහ නං මතකයි ඉස්පිරිතාලෙ ඉස්සරහ තිබිච්ච.