මේ ඡායාරෑපය ඒ තරම් පැහැදිලි නෑ.
ඔය පත්තර වලින් වහල තියෙන්නෙ මියගිය
මනුස්සය. මැද පෙරලිලා තියෙන්නෙ ඒ මනුස්සය ආපු බයිසිකලේ. ඔය පැත්තක තියෙන්නෙ හප්පපු
ට්රක් එක.
කඩුවෙල හංදිය මැද්දෙදි අද දවල් අප
විසින් ආබාධිතයෙකුට සලකපු හැටි තමයි ඔය.
‘අපි’ කියල කිව්වෙ
වේගයෙන් යන්න හදන අපි හැමෝටම වට පිට හුඟක් දේවල් නොපෙනෙන නිසායි.
ට්රක් රථ රියදුරාට පමනක් වරද පටවා නිහඬවීමට අපට හැකිද?
4 comments:
දැන් මිනිස්සුන්ට මනුස්සකම අමතක වෙලා. මනුස්සකම තියේන මිනිස්සුත් ඉන්නවා නැ නේවෙයි.
ආබාධිතයා කියලා මනුශ්ය ජීවිතේ වටිනාකම අවබාත කරන්න අපට බෑ අපි හැමෝම මනුස්සයෝ වාහන තියෙන්නෙ ඉගිල්ලෙන්න නෙමේ කියලා දන් නැති බූරැවෝ කරන වැරදි වලින් තවත් තාත්තෙක්ල සහෝදරයෙක් තවත් මිනිසෙක් මලා, විශේෂය ඔහු ආබාදිතයකු කියන විශේෂණ පදය එක් වීම
හරියට දන්නේ නැතුව මොකුත් කියන්න බෑ..
ඔතන ඒ වෙලාවෙ උනේ මොකක්ද කියල නොදැන කවුරු හරිද කවුරු වැරදිද කියන්න බෑ. මම ගිය සිකුරාද උදේ අට හමාරට විතර දැක්ක ගෑණුකෙනෙක් ඔය වගේ ට්රයිසිකල් එකක් පැදගෙන ලිප්ටන් වටරවුමෙ බස් ගොඩක් අස්සෙ ඉන්නව.
Post a Comment