31 March, 2012

ස්ත්‍රීන් සහ පුරැෂයින් පොදු දේපල බවට පත් උනොත්



හුඟ දවසකින් බ්ලොග් එකට ගොඩවෙන්න බැරිඋනානෙ.

මේ බ්ලොග් ලියන එකත් හරියට දීගකනව වගේ වැඩක්. එක දිගට කරගෙන යන ඒකත් ලේසි නෑ. නතරකරල දාන්නත් බෑ. (සාර්ථක බ්ලොග් කරැවන් සාර්ථක පවුල් ජීවිත ගතකරන්නන් බවත් අසාර්ථක බ්ලොග් කරැවන් අසාර්ථක පවුල් ජීවිත ගතකරන්න් බවත් මෙයින් තහවුරැ වෙනවාද?)

මම අද ලියන්න ආවෙ වෙනින් කථාවක්. ඒත් දීගකෑම ගැන මතක් උන එකේ දීගකෑම ගැනම ලියනව කියල හිතුව. අනික පොඩ්ඩිගෙ පිබිදීමෙන් පස්සෙ මාතලන්ල,පොඩිමෑන්ල එක දිගටම පිබිදුනානෙ. පොඩි මෑන් නම් අදත් පිබිදිලා හිටියෙ.  අනික රැල්ල ගහන අතට බෝට්ටුව දියත් කලාම ගොඩ යන්නත් ලේසියි.

දීගකෑම එහෙම නැත්නම් විවාහය මේ වචන වලටත් වඩා පරනයිනේ. මනුෂ්‍යයා භාෂාවක් හදාගෙන මේවට වචන හදාගන්නත් ඉස්සර ඉඳලම දීගකෑම සිද්ධඋනා විතරක් නෙමේ මනුෂ්‍යයා පහල වෙන්නත් ඉස්සර ඉඳලම දීගකෑම සිද්ද විය යුතුයිනේ. මේවගේ දීගෙ ඉතිහාසය ඉතා දිග උනාට දීග කාපු ක්‍රමේනම් එක එක කාලවල එක එක ක්‍රමේට සිද්ධ උන බවයි කියවෙන්නෙ.

මිනිස්සු බිහිවෙච්ච මුල්ම කාලෙ තිබුනෙ පොදු දේපල ක්‍රමයක් කියලනේ ඉතිහාසඥයො  කියන්නෙ. පිරිමි දඩයමේ ගිහින්,ගෑනු පලවැල නෙලාගෙන ඇවිත් හවසට ගුහාවට එකතුවෙලා ගෝත්‍රයෙ හැම දෙනාම බෙදා හදාගෙන කනව. ඒ වගේම ගෑනු ,මිනිස්සුත් පොදු දේපල. අයිති කාරයො නෑ. අහවලාගේ ඇ‍ඟේ තව කෙනෙක් ගෑවුනා කියල තව කෙනෙකුට ඉරිසියා හිතෙන්නෙත් නෑ. දරැවො අම්මගෙ. සමහර විට තාත්ත කවුද කියන්නවත් දන් නැතුව ඇති.

හැබැයි මේ මාතෘ මූලික සමාජෙ ලොක්කො ගෑනු. පිරිමි දඩයම් කරගෙන එන වැඩ කාරයො විතරයිලු. තවමත් මේ වගේ ගෝත්‍රික සමාජ අප්‍රිකාවෙ තියෙන බව කියනව. ලංකාවෙත් කුවේනිගෙ කාලෙ තිබුනෙ මේවගේ ගෝත්‍රක සමාජයක් බව සමහරැ කියනව. ඔය පත්තිනි දේවිය කියන්නෙත් ඒ කාලෙ ගෝත්‍රික නායිකාවක් කියනවනේ.

ඔන්න ඊට පස්සෙ තමයි පුද්ගලික දේපල ක්‍රමය පටන් ගත්තෙ. පුරැෂාධිපත්‍යය ඇති උනෙත් මේ කාලෙමයි .සත්තු ඇති කරන්න, වගා කරන්න පටන් ගෙන , ගෙවල් දොරවල් හදා ගෙන , තමන් හම්බකරගත්තු දේ උරැමකර දෙන්න දරැවො ඕන උනා. ඉතිං දරැවො හදන්න තමන්ටම භාර්්‍යයාවක් ඕන උනා. ඒක භාර්්‍යයා වෘතය පටන් ගත්තෙ මෙහෙමයි. මුල්ම කාලෙනම්
ප්‍රධාන භාර්්‍යයාවට අමතර අය ඉන්නඇති.(රන්දොලි,රිදී දොලි, යකඩ දොලි වගේ)

දැන් මට කියන්න ඕන දේ මේකයි.

ඇත්තටම අර මාතෘ මූලික සමාජෙදි වගේ පොදු දේපල ක්‍රමයක් තියෙන එක නරකද?

ප/ලි
සමහරැ චී..ය කියල කියන්නත් පුලුවන්. ඒත් අක්ක නගෝ එක ගෙයි කාපු උඩරට, සහෝදර සහෝදරියො විවාහ උන පාරාවො රජවරැ චීය කියල කිව් බවක්නම් දැනගන්න නෑ.

අනික අනාගතයෙ මෙහෙම සමාජයක් ඇතිවෙන්නත් පුලුවන්. දැනටමත් බටහිර රටවල පුරැෂයන් නැතුව දරැවන් හදාගන්නා මාතෘ මූලික පවුල් ගොඩක් ඉන්නව. පිරිම්න්ට වගේම කාන්තාවන්ටත් දේපල උපයා ගැනීමට අවස්ථාවක් ලැබීමත්, වඩා හොඳ ජාන විවිධත්වයක් අනාගක පරපුරට උරැම කිරීමට ඉඩ ලැබීමත් නිසා මෙයට හොඳ අවස්ථාවක් තියෙනව.     

9 comments:

Anonymous said...

ඔය 'රු' යන්න වෙනුවට 'රැ' යන්න ගහන එක නවත්ත ගන්නකො.

නාකියා said...

ඇත්ත කියපන්.. මේක ලියන්ඩ හිතුනේ "නෝන"ටයි "නෑන"ටයි දෙන්නටම හිත ගිහින්වත්ද??????

සාතන් said...

ආයුබෝවන්ඩ මහත්තය යෝජනා කරන ඒවගෙ වගකීම ඔබතුමාටම තමයි ගන්න වෙන්නෙ... අපි නම් දන්නෙ නෑ...

භාගෙට ලියල නවත්වපු හොල්මන් කතාවට මොකද වුනේ?...

මාතලන් said...

ඉතා හොඳ යෝජනාවක්.. ඒත් අනිත් අයත් ඒ අයිතිවාසිකම ඉල්ලිවොත් දෙන්න කැමතිද....?

නවම් said...

ආගමික සංස්ථාවන් විසින් සමාජයට යොදන බලපැම ක්ෂය වෙලා යන දවසක ඇතැම්විට ඔය මතය ක්‍රියාත්මක වෙයි. එතකන් ගැහැණියෙක් සහ පිරිමියෙක් අතරෙ තියන පෞද්ගලික ජීවිතයට රජයේත් නීතියේත් මැදිහත්වීම ඉවසා දරාගෙන ඉන්න සිද්ධවෙනව.

ආයුබෝවන්ඩ said...

@Anonymous
ඒක නේන්නම් මේකෙ ඔය දෙකම වදින්නෙ එක විදියටනෙ.

@නාකියා
නෝනටයි,නෑනටයි විතරක්නම් මදෑ.

@සාතන්
කියන ලියන ඒවට මේ රටේ කවුද වගකීම බාර ගන්නෙ. වගවීමෙ වාර්ථාවත් අන්තිමේ බලනකොට හදල තියෙන්නෙ ඔබාමනේ.

හොල්මන් කථාවෙ ඉතුරැ කොටසත් ලඟදි දාන්නම්.

@මාතලන්
යුතුකම් අයිතිවාසිකම් ඇතිවෙන්නෙ අපේ තියෙන ආකල්ප අනුවනේ. ආකල්ප වෙනස්වෙනවනම් ඒව ඉවසන්න පුරැදු වෙයි.

@නවම්
ඔවු.බටහිර රටවල ලිවිං ටු ගෙදර් වැනි දේවලින් මින්ස්සු දැනටම ඉදිරියට ගිහින් තියෙනව.

වර්ණා said...

මමත් ආවා

ආයුබෝවන්ඩ said...

ආාාා වර්ණත් ආවද?

Red Riding Hood said...

onna mamath awa me peththata.. mmm.. podu depala kramaya narakama ne..